Wednesday, May 15, 2024

General line - 0115112241

නොසන්සුතා හමුවේ සංචාරක කර්මාන්තයටත් බලපෑම්




ශ්‍රී ලංකාවේ මේවනවිට පවතින මහජන විරෝධතා සහ නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

රට තුළ පවතින ව්‍යාකූලතා හේතුවෙන් ඇතැම් රටවල් විසින් සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි උපදෙස් නිකුත් කිරීම ඊට හේතුව බවයි එම අධිකාරිය සඳහන් කළේ. 

කෙසේවතත් විදෙස් සංචාරකයින්  තවමත් මෙරටට පැමිණීම සඳහා කැමත්තෙන් පසුවන බවයි  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ. රට තුළ ව්‍යාකූලමය තත්ත්වයන් පැවතුනද, ප්‍රධෘන ගැටළුවක් වී ඇති ඉන්ධන ගැටළුවෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වන බලපෑම අවම කළ හැකි නම් එම ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා තවමත් අවස්ථාව පවතින බවයි ඇය සඳහන් කළේ.