Wednesday, May 15, 2024

General line - 0115112241

රුසියානු ගුවන් යානයට එරෙහි නඩුව නිශ්ප්‍රභ කෙරේ




රුසියානු ඒරෝෆ්ලොට් ගුවන්යානය  මෙරටින් පිටව යාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ නඩුව ගාස්තුවට යටත්ව  නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා. 

ඒ, එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතුකළ මූලික විරෝධතා පිළි ගැනීමෙන් අනතුරුවයි. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා විසින් මෙම නියෝගය නිකුත් කළා.