Friday, May 17, 2024

General line - 0115112241

ජනපති සටනේදී පොහොට්ටුවේ තරුණ පෙරමුණේ සහය කාටද? තීරණය 19 වනදා




පුරප්පාඩු වී ඇති ජනාධිපති ධූරයට සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී සිය ඡන්දය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැතැයි ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසනවා. 

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී වී චානක පැවසුවේ ඒ පිළිබඳ අවසන් තීරණය ලබන 19 වනදා ගන්නා බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම්දීමට බලාපොරොත්තු වන බවයි.