Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කරන්න ඉන්දියාවෙන් සර්ව පාක්ෂික හමුවක්




ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා. ලබන අගහරුවාදා පස්වරුවේ පැවැත්වීමට නියමිත එම හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විසින් කරුණු දැක්වීමක් ද සිදුකිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදකාරීත්වය සම්බන්දයෙන් මැදිහත්වීමක් සිදුකරන ලෙස රජයට ඉදිරිපත් වූ ඉල්ලීම් අනුව මෙම හමුව කැඳවා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

තමිල්නාඩුව පදනම් කර ගත් පක්ෂ වන DMK සහ AIADMK පක්ෂ විසින් එම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.