Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්




බෙදාහැරීම ආරම්භ කරන තෙක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කර තිබුනත් ජනතාව දිගටම ඉන්ධන පිරවුම්හල් අසල සිටින අයුරු දක්නට ලැබෙනවා. 

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් එම ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම සිදුවන්නේ එලෙස පෝලිම් වී තිබෙන වාහන ඉවත් කිරීමෙන් පසුව බවයි. 

ඉදිරියේදී ඉන්ධන බෙදාදීමේ දී ජාතික ඉන්ධන අවසර පත සහ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙකම අනිවාර්ය කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන දිනය ඉදිරියේ දී පත් ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

නව පද්ධතිය සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ. 

මෙම ඉන්ධන සලාකයේ ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවත් සෑම දෙනාටම සතිපතා ඉන්ධන කෝටාවක් සහතික කිරීම සඳහා එය වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය සුමටව ක්‍රියාත්මක කිරීමට මහජන සහාය අවශ්‍ය වන බවද අවධාරණය කර සිටියා.