Friday, May 17, 2024

General line - 0115112241

නව ජනපති විය යුත්තේ කවුරුන් දැයි ඇමති විජයදාස පහදයි




වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුද දෙකම ජයගත හැකි පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යාවරයා ප්‍රකාශ කළේ එම අර්බුද දෙක කඩිනමින් නිරාකරණය කිරීමට හැකි දක්‍ෂ සහ කළමණාකරණය පිළිබද අත්දැකීම් ඇති තැනැත්තෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත යුතු බවයි.

මෙම අවස්ථාවේ සියළු මන්ත්‍රීවරුන් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බවයි  යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ජනතාව වෙනුවෙන් සුදුසු පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කිරීමට පොදු එකඟතාවකින් සියලු මන්ත්‍රීවරුන් කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකද පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වරදාන වරප්‍රසාද ගැන නොසිතා රට සහ ජනතාව වෙනුවෙන් සියලු මන්ත්‍රීවරුන් එලෙස කටයුතු කළයුතු බවයි.


ඒ අනුව සියලු මන්ත්‍රීවරුන් එම ඡන්ද විමසීමේදී බුද්ධිමත් තීරණයක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක පැවසුවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ අත්ව ඇති ඉරණම පිළිබදවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

ජනාධිපති අපේක්‍ෂයන් ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වන බවට මේ වනවිටත් ප්‍රකාශ කර අවසන්. 

ජනාධිපති ධුරය සදහා තරග කරන අපේක්‍ෂයන්ගේ නාමයෝජනා ලබන 19 වනදා පාර්ලිමේන්තුවේදී භාර ගැනීමට නියමිතයි. ඊට අදාළ රහස් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 20 වනදායි.