Friday, May 17, 2024

General line - 0115112241

නව ජනාධිපතිවරයා ගැන ඉදිකිරීමේ කේෂ්ත්‍රයේ බලාපොරොත්තුව




ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට බලපා ඇති ගැටළු විසදීමටද ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ එසේ කටයුතු කිරීමට පත්වන ජනාධිපතිවරයා හා රජය කටයුතු නොකළහොත් රටේ ආර්ථිකය තවදුරටත් කඩාවැටෙනු ඇති බවයි. 

ඒ අනුව ඉදිරියේදී රජයේ සිදුකළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ගෙවිය යුතු රුපියල් බිලියන 60 ක මුදල ගෙවීමටද  කටයුතු කළයුතු බවයි  ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි වැඩිදුරටත් පැවසුවේ.