Friday, May 17, 2024

General line - 0115112241

ආර්ථිකය ගොඩගන්න අරගලයේ නිරත පිරිසට ඇති වගකීම් ගැන විශේෂඥයෙක්ගෙන් පැහැදිලි කිරීමක්




රට තුළ පවතින ආර්ථික අර්බුදය තවදුරටත් තිව්‍රවීම වැළැක්වීමට  දේශපාලන පක්‍ෂ, අරගලයේ නිරත පිරිස මෙන්ම සිවිල් සංවිධාන දැඩි වගකීමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට සහ අවශ්‍යම මොහොතක රටට ඩොලර් ලැබෙන අවස්ථා මගහැරී යාමට කටයුතු නොකරන ලෙසට ආචාර්ය ප්‍රියංග දුනුසිංහ එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කළා.

සිය ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය කඩාවැටී රට අස්ථාවර නොවීමට එම පාර්ශවයන් ජාතික සම්මුතියක් ඇති කර ගත යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.