Friday, May 17, 2024

General line - 0115112241

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්




හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අද සිට බලාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්.

මහජන ආරක්ෂාවල රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීමල මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයිම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය යටතේයි. 

කෙසේ වෙතත් හදිසි තත්ත්වයක් ප්‍රකාශනයට පත් කිරීමෙන් අනතුරුව ඊට අදාල රෙගුලාසි නිකුත් කළ යුතු බවයි නිතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසුවේ.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක කැරලි සහ කෝලහල සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදාවන්ට විශේෂ බලතල ලැබෙන බවයි ඔහු සදහන් කළේ.

ප්‍රකාශයට පත් ඇති හදිසි තත්ත්වය කොපමණ කලක් ක්‍රියාත්මකදරෑ  මේ ඊට ප්‍රතිචාර දැක්වූ නිතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම

ඉකුත් දා දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතියද පනවනු ලැබුවා.