Friday, May 17, 2024

General line - 0115112241

ජාතික ඉන්ධන අවසර පතෙන් ධීවරයින් ඉවත් කර ඇති බවට චෝදනා

ලලිත් චාමින්ද / රවීන්ද්‍ර චන්ද්‍රලාල්




ජාතික ඉන්ධන අවසර පත හරහා තමන්ට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා නොමැති බව ධීවරයික් පවසනවා. රජය ගන්නා ක්‍රියාමාර්ග වලදී ධීවර කර්මාන්තය පිළිබඳ අවධානය යොමු නොකරන බවටයි ධීවරයින් චෝදනා කළේ. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ථ ලංකා පොදු ධීවර සම්සේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ. 

ධීවර කර්මාන්තය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වැඩබලන ජනාධිපතිවරයා ඉදිරි පැය 24 ඇතුලත පැහැදිලි කළ යුතු බවයි සමස්ථ ලංකා පොදු ධීවර සම්සේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ වැඩදුරටත් සදහන් කළේ.