Friday, May 17, 2024

General line - 0115112241

අඩු කළ ඉන්ධන මිල ජනතාව මදි කියයි




ඉන්ධන මිල ගණන් සු`එ වශයෙන් අඩු කිරීම ප්‍රමාණයත් නොවන බව ජනතාව පවසනවා. වැඩි මුදලකින් ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ෂව ඊට සමාන අගයකින් මිල පහල දැමිය යුතු බවයි ඔවුන් පවසන්නේ. ඊයේ රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දැමීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ IOC සමාගම පියවර ගනු ලැබුවා. 

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැදී සිටි කිහිපදෙනෙකු මෙලෙස අදහස් පල කළා. 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහල දමා ඇත්තේ රුපියල් 20 කින්. ඒ අනුව  එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 450 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහල දැමුණා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 540 ක්. 

ඩීසල් ලීටරයක මිල ද රුපියල් 20 කින් පහල දැමීමටයි පියවර ගැනුණේ. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 440 ක් වනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දැමූ අතර ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 510 ක් වනවා.