Friday, May 17, 2024

General line - 0115112241

ගාස්තුව අඩු කරන්න බස් සංගමයකින් කොන්දේසියක්




ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවටද ලබාදීමට සිය සංගමය සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊට පෙර විධිමත් ක්‍රමවේදයක් යටතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිය බස්රථකවලට ඉන්ධන ලබා දිය යුතු බවයි. 

එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් හෙට දිනයේ සිට වුවද  බස් ගාස්තු අඩු කිරීමට සිට සංගමය සූදානම් බවයි ඔහු සදහන් කළේ. 

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ඒ සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්. 

ඉන්ධන මිල පහල යාම හේතුවෙන් බස්  ගාස්තු සංශෝධනය කිරීමට රජය ගනු ලබන සාධනීය කරුණුවලට සිය සංගමය එකඟ වන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ.  

කෙසේ වෙතත් පෙට්‍රල් මිල එලෙස අඩු කළද මේ මොහොතේ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බවයි වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ ලේකම් නිශාන්ත කුමාර පැවසුවේ.