Thursday, March 28, 2024

General line - 0115112241

ආහාර විෂ වී 13ක් රෝහලේ




බගවන්තලාව මෝරා වතුයායේ පැවති විවාහ මංගල උත්සවයක් අවසානයේ ආහාර විෂ වූ 13 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඒ අතරට කාන්තාවන් සිවුදෙනෙකු හා ළමුන් හයදෙනෙකුද ඇතුළත්.

මෙම මංගල උත්සවය පවත්වා තිබුණේ ඊයේ (13) දිනයේදීයි. එහිදී ඉතිරි වූ ආහාර මෙම පිරිස අද දවසේ ආහාර ගෙන ඇතැයි මූලික පරික්ෂණවලදී හෙළි වුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී ඒ.එස්.කේ. ජයසූරිය ප‍්‍රකාශ කළේ.

Image00001hatton Image00002hatton Image00003hatton