Monday, May 20, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ලැබුණු පත්වීම්




පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිරිනමා තිබෙනවා. 

ඒ අනුව සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සහකාර සංවිධායකවරු ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.