Monday, May 20, 2024

General line - 0115112241

අරලියගහ මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර සොරකම් කළ සැකකරුවෙකු රිමාන්ඩ්




අරලියගහ මන්දිරයේ තිබු රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකරු අද  කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළා.

එහිදී පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු ඉකුත් 09 වන දා අරලියගහ මන්දිරය වලට ඇතුළු වී එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරකම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන හෙයින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නා.