Monday, May 20, 2024

General line - 0115112241

ජනපති උපදෙසින් තවත් පත්වීම් දෙකක්




ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම පත් කිරීම් සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්. 

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජාත්‍යන්තර මාධ්‍ය ලෙසත් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.