Monday, May 20, 2024

General line - 0115112241

හදිසි නීතියට එරෙහිව ජන්දය දුන් හේතුව පොහොට්ටුවේ සභාපති කියයි




රට තුළ මේ වන විට පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි බව එම පක්ෂයේ ආරම්භක සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පිරිස් පවසනවා. ඒ හේතුවෙන් හදිසි නීතිය දීර්ඝ කිරීමට ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තමන් ඊට විරුද්ධව ඡන්දය ලබා දුන් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. 

ඔහු මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. 

එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද අදහස් පල කළා. 

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ, ලලිත් එල්ලාවල, කේ පී එස් කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ තිලක් රාජපක්ෂ ද එක්ව සිටියා. 

හදිසි නීතිය ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ වැඩි ඡන්ද 57 කින්. ඊට පක්‍ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්‍ෂව  ලැබුණේ ඡන්ද 63 ක් පමණයි.