Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ජනපති මුණ ගැසෙයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද හමුවුණා. එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන සිය පක්ෂයේ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. 

මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නා.