Monday, May 20, 2024

General line - 0115112241

කඩා වැටුණු රටේ ආර්ථිකය ගොඩනගන්න සියලු දෙනා එක්විය යුතුයි - හිටපු යුද හමුදාපතිවරයෙකු කියයි




රට ආර්ථික වශයෙන් කඩා වැටී ඇති මෙවන් අවස්ථාවක එය නැවත ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ආර්ය පදනම පවසනවා. 

එකිනෙකා අතර ආරවුල් ඇති වීමෙන් රටේ ජාතික ආරක්ෂාවටද බලපෑමක් වන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්  ආර්ය පදනමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක පැවසුවේ. ඉකුත් දිනවල ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන්වලදී ත්‍රිවිධ හමුදාව ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන්ද ජෙනරාල් දයා රත්නායක මෙලෙස අදහස් පල කළා.   

යම්කිසි පුද්ගලයෙක් ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට අපහාස කරන්නේ නම් සමස්ථ සමාජයම එය හෙලා දැකිය යුතු බවයි ආර්ය පදනමේ විධායක ලේකම් ශමේන්ද්‍ර වික්‍රමආරච්චි මෙහිදී සදහන් කළේ. ‎