Friday, May 17, 2024

General line - 0115112241

චීනයේ දැවැන්ත සමාගම්වලත් ශ්‍රමිකයින් ඉවත් කිරීම්




චීනයේ මහා පරිමාණ සමාගම් මේ වනවිට සිය ශ්‍රම බලකාය කප්පාදු කරමින් සිටින බව වාර්තාවනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට මහා පරිමාණ විද්‍යුත් වාණිජ සමාගමක් වන අලිබාබා සමුහ ව්‍යාපාරය සිය ශ්‍රම බලකායෙන් ශ්‍රමිකයින් 10,000 ක් පමණ කප්පාදු කර ඇති බවයි.

ඒ මෙම වසරේ අප්‍රේල්, මැයි සහ ජූනි යන මාස 03 ක් වැනි කෙටි කාලයකදී වීම විශේෂත්වයක්.

ඊට අමතරව මෙම වසරේ මුල් මාස 03 තුලදී ද අලිබාබා සමූහ ව්‍යාපාරය සිය ශ්‍රමිකයින්ගෙන් 4000 කට අධික පිරිසක් කප්පාදු කර ඇති බව ද ඔවුන්ගේ ලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අමතරව ප්‍රකට හැන්සු සමාගම ද ඔවුන්ගේ නවතම කාර්තුවේදී නිකුත් කෙරුනු වාර්තා අනුව ආදායම් අඩු වීම්ට සාපේක්ෂව ශ්‍රමික කප්පාදුවක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ උද්ධමනය ඉහළයාම, දේශපාලන අර්බුද හා අමුද්‍රව්‍ය මිල ඉහලයාම හමුවේ වියදම් පාලනය කිරීමක් ලෙස චීනයේ මහා පරිමාණ සමාගම් සිය ශ්‍රම බලකාය කප්පාදු කරමින් සිටින බවයි.