Wednesday, May 15, 2024

General line - 0115112241

රූපවාහිනියට කඩා පැන්න ධනීෂ් අලීට ඇප




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධනිෂ් අලි ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද නියෝග කළා. සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

ඇප මත නිදහස් වීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොදු දේපල පනත යටතේ තවදුරටත් ධනීෂ් අලීට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිවීම හේතුවෙන් ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා.