Wednesday, May 15, 2024

General line - 0115112241

චීන නැව එන්නට දිනකට පෙර ඉන්දීය සබදතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්




ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරටටම ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශවයම එකම කාසියේ දෙපැත්තක් බවත් ජනාධිපති පෙන්වා දෙනවා. 

ඒ, ඉන්දීය රජය පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු බවයි. 

සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළයුතු බවත් ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටින බවත්, ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. ඔවුන් සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 

ඉන්දියාව විසින් මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ අදට යෙදෙන එරට 75වන නිදහස් දිනයද සමරමින්. මේ අතරතුර ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වූ චීන නෞකාව හම්බන්තොට වරායට හෙට පැමිණීමට නියමිතයි.