Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව පැය 03 කින් බේරා ගැනීමට මෙහෙයුමක්




ඉදිරි දින 14 සඳහා අවශ්‍ය විදුලි ධාරිතාව උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන තොග ලබාදී ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක සදහන් කළේ අදාල කාලය තුළ ජල විදුලි බලාගාරවලින්ද වැඩි විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි. 

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු ඒකකයේ ඊයේ දිනයේ හදිසි විදුලි බිදවැටීමක් සිදු වුණා. එය යතාතත්ත්වයට පත් කිරීමට දින 14ක් ගතවනු ඇති බවටයි මේ වනවිට ගණන් බලා ඇත්තේ. 

මහජන උපයෝගිතා කොමිසම  සභාපති ජනක රත්නායක සදහන් කළේ අදාල කාලය තුළ නොරොච්චෝලේ බලාගාරයෙන් අහිමි වන විදුලි ධාරිතාව සම්පූර්ණ කර ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි. 

පවතින තත්ත්වය අනුව දැනට ප්‍රකාශයට පත් කර ඇති දෛනික විදුලි කප්පාදු කාලය මීට වඩා වැඩි නොවනු ඇති බවටයි මෙහිදී විශ්වාසය පල වුණේ. 

නොරොච්චෝලේ හදිසි විදුලි බිදවැටීමෙන් පසු ජාතික විදුලිබල පද්ධතිය පවත්වාගෙන යාමට ගෙන ඇති පියවර පිළිබඳ නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයෙන්ද විමසීමක් කළා. මේ, එහි සභාපති නලින්ද ඉලංගකෝන්.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළේ හැකිතාක් ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීම අවම කර ගැනීමටද කටයුතු කරන බවයි. 

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රය ඊයේ හදිසියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වුණා. ඒ අනුව, අද සිට ලබන සිකුරාදා තෙක් පැය 03 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.