Wednesday, May 15, 2024

General line - 0115112241

රටේ අත්‍යාවශ්‍ය ඖෂධ 6 න් 1 ක් හිඟ බව හෙලිවෙයි




රට තුළ මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 116ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ඖෂධ ප්‍රධානයන් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක සහ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මෙම ඖෂධ වර්ග කෙසේ හෝ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි. 

ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගැනෙන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාණය 646ක්. ඉකුත් මාර්තු මාසය වන විටද ඉන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 324ක පමණ අඩුවක් පැවති බවයි වෛද්‍ය අන්වර් හම්දානි නෙත් නිවුස් වෙත පැවසුවේ. 

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව දැන දැනම එය වැලැක්වීම සඳහා ඇතැම් බලධාරීන් නිසි පියවර නොගත් බවයි. මේ, එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ. 

රටපුරා රෝහල්වල ඇති ඖෂධ තොග සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමද මේ වනවිටත් ආරම්භ කර ති්බෙනවා.