Tuesday, May 14, 2024

General line - 0115112241

මතභේදාත්මක චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුල් වෙයි




මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් නෞකාව හම්බන්තොට වරායට මීට සුළු මොහොතකට පෙර පිවිස තිබෙනවා. මෙම නෞකාව අද දිනයේ සිට මෙම මස 22 වෙනිදා දක්වා හම්බ්න්තොට වරායේ නැංගුරම්ලා තැබීමට පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබුණා.

මෙම අධි තාක්ෂණික චීන පර්යේෂණ නෞකාව චීනයෙන් පිටත්වූයේ ඉකුත් ජූලි 14 වනදායි. ඒ, හම්බන්තොට වරායට පැමිණීමේ අරමුණින්. 

 මෙම චීන නෞකාව සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතු වුණේ දිවයිනට පැමිණෙන එම නෞකාව පිළිබඳ ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවට අවධාරණය කිරීමත් සමගයි. 

මේ අතර හම්බන්තොට වරායට පැමිණි චීනයට අයත් යුවාන් වැන්ග් 5 නෞකාව පිළිගැනීම සඳහා අද පෙරවරුවේ විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද එම අවස්ථාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සනත් ගමගේ පැවසුවේ.