Tuesday, May 14, 2024

General line - 0115112241

රටට ඩොලර් ගෙන එන ප්‍රධාන කර්මාන්තපුරයට ඇතුල්වන මාර්ගය අබලන්




මුතුරාජවෙල කර්මාන්ත කලාපයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් සිය කර්මාන්ත සඳහා බාධා එල්ල වී ඇතැයි කර්මානකරුවන් පවසනවා. මුතුරාජවෙල කර්මාන්තපුරය යනු රටට ඩොලර් ගෙනඑන ප්‍රධාන කර්මාන්තපුරයක්. 

එහෙත් ඊට පිවිසෙන මාර්ගය අබලන් වීම හේතුවෙන් ආනයන - අපනයන කරුවන් එම ස්ථානවලට පැමිණීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වාදෙන්නේ. මේ, කෙරවලපිටිය කාර්මික ජනපද සංගමයේ ලේකම් කමල් පීරිස්.

මාර්ගය අබලන් වීම හේතුවෙන් ඉන්ධන බවුසර් රථයක් හෝ ගෑස් බෙදාහරින රථයක් අනතුරකට ලක් වුවොත් මුතුරාජවෙල කර්මාන්ත කලාපයට ඉන් විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ මෙම මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇති බවයි. එහෙත් මුදල් පිළිබඳ ගැටලු හේතුවෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.