Thursday, April 25, 2024

General line - 0115112241

සහල් මිල අද සිට රුපියල් 5 කින් පහළට




ආනයනික සහල් මිල අද සිට රුපියල් 05 කින් අඩුකරන ලෙස සතොස සහ සමූපකාර වෙත දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලු සහල්වල මිල ගණන් එලෙස අඩුවන බවයි. 

ඉදිරියේදී සිදුවිය හැකි ආනයනික සහ දේශීය සහල් මිලෙහි වෙනස්වීම් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. 

ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 225 කට, කීරි සම්බා කිලෝවක් රුපියල් 245 කට අලෙවි කරනු ඇති. සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 205 කට ද, සුදු සහ රතු නාඩු කිලෝවක් රුපියල් 215 කට ද අද සිට අලෙවි කිරීමට නියමිතයි. 

මේ අතර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.