දකුණු අප්‍රිකාවෙන් සහ නැමීබියාවෙන් චීටා සතුන් කිහිපදෙනෙකු ඉන්දියාවට රැගෙන ඒමට සූදානම් වනවා.
එලෙස රැගෙන එන චීටාවන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි කූනෝ ජාතික උද්‍යානයට යොමු කෙරෙනු ඇති.
මෙම චීටාවන් ගෙන එනු ලබන්නේ එම සතුන් ඉන්දියාවට නැවත හඳුන්වාදීම සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි.
ඒ අනුව දකුණු අප්‍රිකාවේ සහ නැබීබියාවේ සිට ඉන්දියාට රැගෙන ඒමට නියමිත චීටාවන් මේවනවිට ඔවුන්ගේ පළමු සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කරමින් සිටිනවා.
චීටා සංරක්ෂණ අරමුදලේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් විසින් එම පරීක්ෂණ සිදුකරනු ලබන්නේ නැමීබියාවේදීයි.
මෙම චීටාවන් ලබන මසදී දකුණු අප්‍රිකාවේ සහ නැමීබියාවේ සිට ඉන්දියාවට රැගෙන එනු ඇති.
දිගු ගමනකින් අතුරුව ඉන්දියාවට පැමිණෙන බැවින් සහ රටවල පවතින පාරිසරික වෙනස්කම් හේතුවන් එම චීටාවන් කූනෝ ජාතික උද්‍යානයට හුරුවීමට කාලයක් ගත වනු ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.
1952 වසරේදී චීටාවුන් ඉන්දියාවෙන් වඳවී ගිය සතුන් විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
අනතුරුව අප්‍රිකානු චීටාවන් ඉන්දියාවට හඳුන්වාදීමේ ව්‍යාපෘතිය 2009 දී ආරම්භ කෙරුණු අතර පසුගිය වසර කිහිපය තුළ එහි කටයුතු වේගවත්ව සිදු වෙමින් තිබෙනවා.