Wednesday, May 15, 2024

General line - 0115112241

උදයංග CID ට




රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 07ක් සාවද්‍ය ලෙස පරිහරනය කළේ යැයි සිද්ධියට අදාලව සිදු කෙරෙන විමර්ශණයකට ප්‍රකාශයක් ලබා දීමටයි. 

ඉකුත්දා ඊට අදාල නඩුව කැඳවූ අවස්ථානේ අධිකරණය උදයංග වීරතුංගට නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.  

මේ අතර පිහිණුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ පැමිණියා. 

ජූලි 09 වනදා සිදු වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීමටයි. ඔවුන් දෙදෙනාට පෙරවරු 09යි 30ට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඊයේ දැනුම්දී තිබුණා.