Wednesday, May 15, 2024

General line - 0115112241

මිලියන 205ක් වටිනා රන් බිස්කට් කටුනායකින් හමුවෙයි

ටී.කේ.ජී.කපිල




රුපියල් මිලියන 205ක් වටිනා රත්ත්‍රන් කිලෝග්‍රෑම් 09යි ග්‍රෑම් 500ක් බරැති බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකු වන අතර ඔහු අද දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් තැනැත්තිය කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයේ නිරත වී සිටි සීදුව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවක්.

මෙම ගුවන් මගියා තම ගමන් මලු තුළත්, මෙම ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත්  ග්‍රෑම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වුවා.

මේ වනවිට මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.