Wednesday, May 22, 2024

General line - 0115112241

ලොව උසම දුම්රිය පාලම විවෘත වෙයි




ලොව උසම දුම්රිය පාලම ඉන්දියාවේ දී විවෘත වුණා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් හි චෙනාබ් ගංගාවට ඉහළින් මෙම දුම්රිය පාලම ඉදි කර ඇති බවයි.

චේනාබ් දුම්රිය පාලම  ඉන්දීය ඉංජිනේරුවන්ගේ ආශ්චර්‍යමත් නිර්මාණයක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ භූමියේ පිහිටීම සහ දුෂ්කර පරිසර සාධක වැනි අභියෝග හමුවේ ඉංජිනේරුවන් මෙම පාලම ඉදිකර තිබීමයි.

ආරුක්කු සහිතව නිර්මාණය කර ඇති චෙනාබ් දුම්රිය පාලම මීටර් 1315 ක දිගකින් යුක්ත වන අතර එහි උස මීටර් 359 ක්.

චේනාබ් දුම්රිය පාලමේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු අවසන් කළ පසු එහි උස පැරීසියේ අයිෆල් කුලුනටත් වඩා වැඩි බවයි ඉංජිනේරුවන් පවසන්නේ.

චෙනාබ් දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු වලින් සියයට 95ක් පමණ මේවනවිටත් අවසන්ව ඇති අතර ඉදිරි මාස කිහිපයේදී එහි කටයුතු අවසන් කරන බව ද ඉදිකිරීම් භාර ඉංජිනේරුවන් පවසනවා.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය පැවසුවේ  නිදහසින් පසු පළමු වරට ශ්‍රී නගර් ප්‍රදේශය සුවිසල් මාවතක් ඔස්සේ ඉන්දියාව සමග සම්බන්ධ වන බවයි.