Wednesday, May 15, 2024

General line - 0115112241

හිටපු ජනපති ගෝඨාභය දිවයිනට පැමිණෙන දිනය ගැන උදයංග කතා කරයි




තායිලන්තයේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් උදයංග වීරතුංග ඒ බව සදහන් කළා. 

මිග් යානා ගණුදෙනුව සහ ඊට අදාලව සිදු කෙරෙන විමර්ශණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙලෙස අදහස් පල කළා.