Wednesday, May 15, 2024

General line - 0115112241

ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ




ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සඳහන් කර සිටිනවා.

ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් අඩු කර තිබෙන්නේ පහත දැක්වෙන ආකාරයටයි :

 කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් රු. 5800ක්.

කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු. 2320ක්.

කිලෝ ග්‍රෑම් 2 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස රු.928ක්.