Wednesday, May 15, 2024

General line - 0115112241

වසර 25කින් රටේ වන අලි වඳවීමේ අවදානමක්




සිදුවන වන විනාශ හමුවේ තවත් වසර 25කින් පමණ මෙරට වන අලි වදවී යා හැකි බව පරිසරවේදීන් පවසනවා. ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසූවේ වන විනාශය හමුවේ තවත් වසර 10කින් පමණ මෙරට වන ගහණය ද හරි අඩකින් විනාශවීම ඊට හේතුවන බවයි. 

වන විනාශය හා වන අලි වදවී යාමට බලපා ඇති කරුණු සම්බන්ධයෙන්ද පරිසරවේදී පුබුදු වීරරත්න කරුණු දැක්වුවා. 

පවතින ගැටලුවලට විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.  

අලි මිනිස් ගැටුම් හේතුවෙන් ඉකුත් වසර 03 තුලදී වන අලි 1,110 දෙනෙකු මියගොස් තිබෙනවා. එම කාලය තුළ වන අලි පහරදීම් හමුවේ මියගොස් ඇති සංඛ්‍යාව 376 ක්. අලි මිනිස් ගැටුම් වැළැක්වීමට නව වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමටද වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.