Wednesday, May 22, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ අගනුවර බෝම්බ පිපිරීමක්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 10 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 35 කට අධිකයි.

මෙම පිපිරීම සිදු වූයේ එරට අගනුවර පිහිටි මුස්ලිම් පල්ලියකයි. ඒ, අදාළ පල්ලියේ සන්ධ්‍යාවේ පැවති යාඥා මෙහෙයක් අතරතුරයි. කෙසේවෙතත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණවී නැහැ. 

මීට සතියකට පෙර ද තලෙයිබාන් සංවිධානයට සහය පළ කරන ආගමික නායකයෙතු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තිබුණා. 

මෙම පිපිරීම සිදු වණේ ඇෆ්ගනිස්තානයේ බලය තලෙයිබාන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන වසරක් සම්පූර්ණවී දින කිහිපයකට පසුවයි.