Wednesday, May 22, 2024

General line - 0115112241

චීනයත් විදුලි අර්බුදයක




චීනයේ පළාත් කිහිපයකට මේවනවිට අධික උණුසුම් කාලගුණයක බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ සිචුආන් පළාතටයි. 

විදෙස් වාර්තා පැවසුවේ යන්සි ගංඟාවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා ජලය මුදා හැරීම සීමා කිරීම සිචුවාන්හි විදුලි සැපයුම අඩාල වීමට හේතු වී ඇති බවයි. එහි ප්‍රතිපලයක් ලෙස සිචුවාන් පළාතේ ප්‍රධාන නගරය වන චෙන්දු නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථාන බදාදා දින සිට අඩු ආලෝක ධාර යටතේ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා. එබැවින් අඳුරු වටපිටාවක් යටතේ දුම්රිය මගීන් දුම්රිය ස්ථාන තුළ රැඳී සිටින අයුරු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පවතින විදුලි අර්බුදය හමුවේ සිචුවාන් පළාතේ රජයේ ගොඩනැගිලි තුළ වායුසමීකරණ සහ විදුලි සෝපාන භාවිතය සීමා කර ඇතැයි ද සදහන්. එමෙන්ම ක්‍රීඩා සහ වෙළඳ මධ්‍යස්ථාන තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හා අධි බලැති විදුලි උපකරණ භාවිතය ද සීමා කරන ලෙස සිචුවාන් බලධාරින් ජනතාවට උපදෙස් නිකුත් කර තිබෙනවා.

විදුලි පරිභෝජනය සීමා කිරීම සඳහා රාත්‍රී කාලයේදී උත්සව වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සංවිධාන කිරීම සීමා කරන ලෙස ද සිචුවාන් බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.