Wednesday, May 22, 2024

General line - 0115112241

අමෙරිකාවට ඇතුළුවීමට අවසර දෙන තෙක් රුසියාව බලා සිටියි




විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් හට අමෙරිකාවට ඇතුළුවීම සඳහා අමෙරිකානු රජය වීසා නිකුත් කරනු ඇතැයි රුසියාව අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මීලග සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවීම් සඳහා රුසියාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ තවත් රුසියානු නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

එම සියලු කටයුතු අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

එහෙත් යුක්රේන - රුසියානු අර්බුදය හමුවේ අමෙරිකාව විසින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා.  

ඒ අනුව අමෙරිකානු රජය සර්ජි ලැව්රොව් හට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති අතර අමෙරිකාව තුළ පවතින ඔහුගේ වත්කම් ද අත්හිටුවනු ලැබුවා.

එමෙන්ම රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හට අමෙරිකානු නිලධාරීන් සමග ගනුදෙනු කිරිමට ද අවස්ථාව හිමිවන්නේ නැහැ.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් හට අමෙරිකාවට ඇතුළුවීම සඳහා රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.