Wednesday, May 22, 2024

General line - 0115112241

උතුරු සිරියාවේ නගරයකට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් 14 දෙනෙකු ජිවිතක්ෂයට




සිරියාවේ අල්බාබ් නගරයට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවිල් වැසියන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

 එම රොකට් ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් තිස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගලවා ගැනීම් හමුදා මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂකයින් ප්‍රකාශ කළේ සිරියානු රජයේ හමුදා මෙම රොකට් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සිය කණ්ඩායමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට කුර්දි කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා අංශ ප්‍රධානියා පවසා ඇති බව විදෙස් වාර්තාවල සදහන්.