Tuesday, May 21, 2024

General line - 0115112241

චීනයෙන් සොලමන් දූපතට ලොකු ණයක්




සොලමන් දූපත් රාජ්‍යයට චීනය මහා පරිමාණ ණය මුදලක් ලබා දී තිබෙනවා.

ඒ පකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙන්ම අප්‍රිකානු රටවල් රැසක් චීනයෙන් ලබා ගෙන ඇති ණය පියවා ගැනීමට නොහැකිව සිටින පසුබිමක් තුළයි.

චීනය සොලමන් දූපත් රාජජ්‍යට ලබා දී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 66 ක්.

සොලමන් දූපත් රාජ්‍යයේ රජය පවසන්නේ රට තුළ හුවාවේ සමාගමේ සන්නිවේදන කුලුණු 161 ක් ස්ථාපිත කිරීම සදහා මෙම ණය මුදල ආයෝජනය කරන බවයි.

චීනය මේ දක්වා සොලමන් දූපත් රාජ්‍යයට ලබා දී ඇති විශාලතම ණය මුදල මෙය බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉකුත් අප්‍රේල් මාසයේදී දෙරට රහස්‍ය ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් තැබුවා.

එවන් පසුබිමක් තුළ චීනය සහ සොලමන් දූපත් රාජ්‍යය අතර වර්ධනය වෙමින් පවතින මූල්‍ය හා ආරක්ෂක සබදතා පිළිබඳ අමෙරිකාවේ හා ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටා ඇති සොලමන් දූපත් රාජ්‍ය තුළ සන්නිවේදන කුළුණු 6 ක් ඉදිකිරීම සදහා ඔස්ට්‍රේලියාව ද මේවනවිටත් එකගතාව පළ කර ඇති බව සදහන්.

බටහිර රටවල් චෝදනා නගන්නේ ආරක්ෂක ගිවිසුමට මුවාවී සොලමන් දූපත් රාජ්‍යය තුළ හමුදා කදවුරක් ඉදිකිරීමට චීනයේ අපේක්ෂාව විය හැකි බවයි.