Tuesday, May 21, 2024

General line - 0115112241

රුසියානු ඉලක්ක වෙත යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර




යුක්රේන හමුදාව විසින් මේවනවිට රුසියානු ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

විදෙස් වාර්තා පැවසුවේ එම ප්‍රහාර සඳහා යුක්රේනය ඩ්‍රෝන යානා ද යොදා ගන්නා බවයි. අමෙරිකාව දිගින් දිගටම යුක්රේනය වෙත යුද ආධාර ලබාදුන් අතර ඒ හමුවේ යුක්රේන හමුදාව විසින් රුසියාව වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

ඊයේ දිනයේදී ක්‍රයිමියාවේ ස්ථානගතව සිටි රුසියානු හමුදා බලඇණියක් ඉලක්ක කර යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් සිදුවූ හානි පිළිබඳ රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් දින කිහිපය පුරා ක්‍රයිමියාවේ පිහිටි රුසියානු ඉලක්ක වෙත යුක්රේනයෙන් ගුවන් ප්‍රහාර එල්ල කෙරුණු බවයි.

එම ප්‍රහාර හමුවේ රුසියානු ප්‍රහාරක යානා 10 ක් පමණ විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.