Sunday, May 12, 2024

General line - 0115112241

රට තුළ තිරිගු පිටි හිගයක් ඇතිවීමේ අවදානමක් නැහැ - පාරිභෝගික අධිකාරිය




ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් තිරිගු පිටි අපනයනය අත්හිටුවීමට තීරණය කළ ද මෙරට තුළ තිරිගු පිටි හිගයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළේමෙරට වෙළඳපල තුළ තවත් සති 02 ක පමණ කාලයකට අවශ්‍ය තිරිගු පිටි තොග ඇති බවයි.   

වෙළඳපල තුළ තිරිගු පිටි හිගයක් නිර්මාණය කිරීමේ අරමුණීන් තොග සගවන වෙළඳුන් සොයා මේවනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළා. 

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ තුර්කිය ඇතුළු තවත් රටවල් කිහිපයකින් තිරිගු පිටි ආනයනය සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව එලෙස ආනයනය කිරීමට නියමිත තිරිගු පිටි තොග තවත් සති 02 ක පමණ කාලයකින් මෙරටට ලගා වනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවා.