Saturday, May 11, 2024

General line - 0115112241

අධිකරණය ලබාදුන් තීන්දුව අනුව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට චෝදනාවක්




ඉඩම් හෙක්ටයාර 825 කට ආසන්න වනාන්තර ප්‍රමාණයක් හෙළි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව වන වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ පැවසුවේ එළපෙහෙළි කළ හෙක්ටයාර 825 ක ප්‍රමාණයක යළි වනවගාව සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් අයවිය යුතු රුපියල් මිලියන 1075 ක මුදල තවමත් අයකර ගෙන නොමැති බවයි. 

ලබා දුන් නඩු තීන්දුවලට ගරු කරමින් වහාම එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේ.