Sunday, May 12, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් ට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කරයි

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ




අපරික්ෂාකාරීව සහ නොසැලකිලිමත් අන්දමින් මෝටර් රථය ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍ර්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවිණ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහි නඩුව වැඩිදුර විභාගය සදහා ලබන නොවැම්බර් 30 දින කැදවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා අද නියම කරනු ලැබුවා.

2020 ජුලි 06 දා අලුයම් කාලයේ පානදුර හොරේතුඩුව පැරණි ගාලුපාරේ දී පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටී නෙවිල් පීරිස් (64) නමැති තැනැත්තා සිය මෝටර් රථයේ හප්පා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් පවරන ලද නඩුව යලි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා එසේ දින නියම කර සිටියා.

අපරික්ෂාකාරීව හා නොසැලකිලිමත් අන්දමින් රිය ධාවනය කිරීම, අනතුරක් වලක්වා නොගැනීම, තුවාලකරු රෝහලට රැගෙන නොයා පලායාම සහ අනතුර වාර්තා නොකිරීම යටතේ කුසල් ගිම්හාන මෙන්ඩිස් නැමැත්තාට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවට අධිකරණයේදී කරුණු අණාවරනය විය.

ලබන නඩුවාරයේදී මරණකරු සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර චෝදනා පත්‍රය ගොනුකරන ලෙසත් පැමිණිල්ලේ සාක්ෂි 1,3 සහ 5 හට සිතාසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කර සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අකිල ජයසුන්දර මහතා විසින් සිය සේවාදායකයා නිවැරැදිකරු බව අධිකරණය හමුවේ කියා සිටියේ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රේමරත්න ජයසිංහ මහතා පෙනීසිටි අතර පොලිසිය වෙනුවෙන් කොස්තාපල් සුමිත් (32119) පෙනී සිටින ලැබූ අතර 
නඩුව ලබන නොවැම්බර් 30 දා යලි කැදවීමට නියමිතයි.