Tuesday, May 7, 2024

General line - 0115112241

ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක් දෙන්න සාකච්ඡා




තෝරාගත් පූජනීය ස්ථානවල විදුලි බිලට යම් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික සහ ශාසනික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසූවේ ඒ, සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කළ බවයි. 

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව දිවයිනේ ඇතැම් විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ ඉකුත් දින කිහිපයේ විරෝධය දැක්වූවා. ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ හිමියන්, ඉහළ දැමුණු විදුලි බිල සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක උන්වහන්සේද දැනුවත් කළා.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕපල්පේ හිමියන් පැවසූවේ පූජනීය ස්ථානවලට ඉහළ දැමුණු විදුලි බිල ගෙවීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර පූජනීය ස්ථාන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබා දීමට ද ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරන බවයි බුද්ධ ශාසන, ආගමික සහ ශාසනික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ.