Wednesday, May 15, 2024

General line - 0115112241

කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද දිනයේ විශාල ජනතාවක්




23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. ප්‍රදර්ශනය නැරඹීම සඳහා මේවනවිටත් පාඨකයින් විශාල පිරිසක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට පැමිණ සිටිනවා.  
ඉකුත් දින දෙකට සාපේක්ෂව අද දිනයේ වැඩි පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ. 
 
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

අවශ්‍යතා සහිත පාසල් වෙත පුස්තකාල ඉදිකිරීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක වනවා. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටිය වෙත පැමිණ අලුත් පොතක් පරිත්‍යාග කිරීමට ඔබටත් හැකියි.