Tuesday, May 14, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩිම පාඨක සහභාගිත්වය ඊයේ




23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 04 වන දිනය අදයි. මෙවර පොත් ප්‍රදර්ශනය ආරම්භවීමෙන් පසු එය නැරඹීමට පැමිණි වැඩිම පිරිස ඊයේ දිනයේ වාර්තා වූ බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවා.
 
අද දිනයේද පොත් ප්‍රදර්ශනය නැරඹීමට පාඨකයින් විශාල පිරිසක් එක්වනු ඇති බවටයි සංවිධායකයින් විශ්වාසය පළ කරන්නේ.
 
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා. අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි.
 
ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටිය වෙත පැමිණ අලුත් පොතක් පරිත්‍යාග කිරීමට පාඨකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ඊයේ දිනයේදී ද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාඨකයින්ගෙන් ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.