Wednesday, May 15, 2024

General line - 0115112241

සිව්වන දිනයටත් කොළඹ පොත් ප්‍රදර්ශනයට අති විශාල ජනකායක්




23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 04 වන දිනය අදයි. අද දිනයේද ප්‍රදර්ශනය නැරඹීමට විශාල වශයෙන් පාඨකයින් කොලඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට පැමිණියා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.

අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටිය වෙත පැමිණ අලුත් පොතක් පරිත්‍යාග කිරීමට පාඨකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.  
 
අද දිනයේ ද පාඨකයින්ගෙන් ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.