Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අරඹයි




ඉන්දියාව, මෙරට බලධාරීන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල පළමු වටයේ සාකච්ඡා පවත්වා තිබෙනවා. එම සාකච්ඡා ඉකුත් 16 වනදා පවත්වා ඇති බවයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා සුහදශීලීව පැවැත්වූ බවයි.

ආර්ථික අර්බුදයෙන් බැටකන අසල්වැසියාට දිගු කාලීන ආයෝජන හරහා සහය ලබාදීමට සූදානම් බවට ඉන්දියාව පැවසූ බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වන වැඩසටහනක් සඳහා කඩිනම් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය එහිදී පවසා තිබෙනවා.