Wednesday, May 15, 2024

General line - 0115112241

වසර 03කට පසුව දඹදිව යන්න දැන් බැතිමතුන්ට අවස්ථාව




වසර 03 කට පසු මෙරට ජනතාවට දඹදිව වන්දනාවේ නිරතවීමට මේ වන විට අවස්ථාව පවතින බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් එම සංගමයේ මහලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලුව පැවසුවේ සිය සංගමය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව මෙරට ජනතාවට හිමිවූ බවයි.

සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත්ව එක් නඩයකට හතලිස් දෙනෙකුට පමණක් දඹදිව වන්දනා කිරීමට අවස්ථාව හිමිවූ බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ මහලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලුව පැවසුවේ.