Thursday, April 18, 2024

General line - 0115112241

සියලු අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කෙරේ




දැඩි විරෝධයක් මතුවීමත් සමඟ තහනම් කෙරුණු ග්ලයිෆොසේට්, යළි ආනයනය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මාස 06ක කාලයක් සඳහායි. කෘෂිකාර්මික කටයුතුවලට අත්‍යවශ්‍ය ග්ලයිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමටයි අවසර දී ඇත්තේ.

රජය විසින් ග්ලයිෆොසේට් ආනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් සියලු ආකාරයේ කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවසුවා. එමෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙටි්‍රක් ටොන් 25,000 ක් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. 

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්්‍රක් ටොන් ලක්ෂ 06ක් අවශ්‍ය වනවා. බඩඉරිඟු මෙට්්‍රක් ටොන් දෙලක්ෂ 25,000 ක් ආනයනයට ඉකුත් වසරේ බලපත්‍ර නිකුත් කළද ජුනි මස අග වන විට මෙරටට ආනයනය කර ඇත්තේ මෙට්්‍රක් ටොන් 38,000 ක් පමණයි.

ඊට හේතුවී ඇත්තේ විදේශ විනිමය අර්බුදයයි. පවතින තත්ත්වය මත මේ වන විට දේශීය වෙළඳපොලේ බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙනවා.

මේ අතර අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කිරීමට ද කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවූ බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවසුවේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ සම්පූර්ණ මාධ්‍ය හමුව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.